Advertisement

e Gossip

Watapita Gossip

Sponsored

Face Book Page

Sponsored

Derana City of Dance - Season 05

ලංකා ඊ ගොසිප් නිවුස්

http://photos.lankaegossipnews.com/2014/10/city-of-dance-season-05-episode-10.html

ගබ්සාවක් කරන්නේ
ගතවෙන්නේ
විනාඩි 03යි... ගාන
රුපියල් 30,000යි...

තාවකාලික ලැගුම්හලක් ලෙස පිටතට පෙන්වමින් කොල්ලූපිටියේ කාලයක් තිස්සේ රහසිගතව පවත්වාගෙන ගිය ගබ්සා මධ්‍යස්ථානයක් වලාන දූෂණ මර්ධන ඒකකය විසින් ඊයේ (30) වටලනු ලැබුවා. එහිදී අදාළ ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය "ශාන්ත ලොකුබණ්ඩාර" නමැත්තා අත්අඩංගුවට ගැනුණා. මොහු කලකට පෙර රජයේ වෛද්‍ය වරයෙකු ලෙස ද සේවය කර තිබෙනවා.

සැකකාර වෛද්‍යවරයා කාලාන්තරයක් තිස්සේ කොල්ලුපිටියේ මෙම ගබ්සා මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර, මීට අමතරව මහනුවර සහ කුරුණෑගල යන ප්‍රදේශයන්හී ද ලැගුම්හල් මුවාවෙන් මේ අයුරින් ගබ්සා මධ්‍යස්ථාන පවත්වාගෙන ගොස් ඇති බවටත් තොරතුරු අනාවරණය තිබුණා. නෙත් එෆ්.එම්. කණ්ඩායම මාස කිහිපයක් තිස්සේ කළ ගවේෂණයකදී රැස්කර ගනු ලැබූ තොරතුරුවලට අනුව මෙම වැටලීම සිදුකර තිබුණා.

ඛේදවාචකයෙන් පසු 
අසරණ වූ මීරියබැද්දේ
දරුවන් ගැන ඇසෙන
අනුවේදනීය කතා..... 

“මමයි, අක්කයි ඉස්කෝ‍ලේ යන්න ගෙදරින් පිටත් වෙලා ටික දුරක් යන කොට දුමක් එක්ක ඩොං ඩොං ගාලා සද්දයක් ආවා. ඒ එක්කම ‍පොළොව පැලී අක්කා ඒක ඇතුළට වැටුණා. මම එතන තිබුණු ගල උඩට පැන දිවි බේරා ගත්තා” යැයි, නාය යෑමෙන් දිවිගලවා ගත් කොස්ලන්ද, මීරියබැද්ද වතුයායේ පදිංචිව සිටි හත් හැවිරිදි ඩී.යූ. තීරුෂන් සිසුවා පැවැසී ය. 

“ගෙවල් ගොඩක් මාමලා, නැන්දලා එක්ක ‍පොළොව යටට යනවා මං මගේ ඇස් දෙකෙන්ම දුටුවා. මා සිටි ගලත් හෙළවෙනවා වගේ දැනුණම මා එතනින් කැ‍ලේ පැත්තට දිව ගියා” යැයි  හඩමින් ඔහු කීවේ ය. තීරුෂන් තමන් අත්විඳි අමිහිරි අත්දැකීම් පෙළ එකින් එක විස්තර කරන්නට වුයේ දෙනෙතින් කඳුළු වගුරවමිනි. නායයෑම් ඉතිහාසයේ මධ්‍යම කඳුකරයේ සිදු වූ  දරුණුතම ඛිෙදවාචකයට මුහුණ දුන්  කොස්ලන්ද දෙමළ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන ඩී.යූ. තීරුෂන්  පාසල් සිසුවා සිය අත්දැකීම ඔහුට තේරෙන ආකාරයට තව දුරටත් විස්තර කළේ මෙසේ ය.

පෙම්වතා සමග
එක්වී මව සහ
මල්ලිව මරා දැමු
දහසය හැවිරිදි 
තරුණියගේ
පාපොච්චාරණය.. 

ලෝකයේ සියලුම රටවල් දිනෙන් දින දියුණුව කරා ගමන් කරනවාත් සමගම ලොව වසන සියලුම මිනිස් ප්‍රජාවගේ ජීවිත ද ගති පැවතුම් ද ඉතාමත් වේගයෙන් වෙනස් වෙමින් පවතින බැව් නොරහසකි. මීට දශක කිහිපයකට කලින් මිනිසුන් අත්විඳි ජන ජීවිතයට වඩා වෙනස් හා විකෘති වූ ජීවන වටපිටාවක් ආසියාවේ මෙන්ම යුරෝපයේ ද මිනිස්සු අත්විඳිමින් සිටිති.

තාක්ෂණයේ  හා විද්‍යාවේ දියුණුව මිනිස් ජීවිතවලට සිදුකළ යහපත මෙන්ම අයහපත ගැනද බොහෝ දෙනා මේ වන විට සාකච්ඡා කරමින් සිටින්නේ ඒ නිසා ය. මේ වෙනස්කම්වලින් බොහෝ විට දඬුවම් ලබන්නේ වැඩිහිටි පරම්පරාවට වඩා තරුණ හා ළමා පරම්පරාව වීම කනගාටුවට කරුණකි. මේ දිනවල ඉතාලියේ සිදුවන බොහෝ සිදුවීම් දුටුවිට දරුවන්ගේ ජීවිත කෙතරම් වෙනස් වී ඇත්දැයි ඕනෑම කෙනෙකුට වටහා ගත හැක. දැන් දැන් යුරෝපයේ මෙන්ම ඉතාලියේ ද ළදරු මව්වරුන්ගේ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ ගොස් ඇති අතර ඔවුන් හා දරුවන් රැක බලාගැනීමට රජයට සේම සමාජ සේවා ආයතනවලට ද අමතර මුදල් වැය කිරීමට සිදුව ඇති බැව් ජනමාධ්‍යවලින් පැවසේ.

ගොඩාක් මිනිස්සු
මං ගැන දන්නා
දේවල්වලට වඩා..
නොදන්නා
දේවල් වැඩියි...... 

පසුගිය දින කිහිපය පුරාවටම නිරන්තරයෙන් කතාබහට ලක්වුණු චරියක් වන "ඔටාරා ගුණවර්ධන" ගැන ඇගේ ව්‍යාපාරයන් පිළිබදව මදක් ඔබ්බට ගොස් ඇගේ පුද්ගලික ජීවිතය ගැන තොරතුරු රැසක් පිළිබඳව සටහනක් ගෙන එන්නට අදහස් කළා. බෞද්ධ ආගමික තැනැත්තියක වන ඔටාරා විලාසිතාවට සහ කලාත්මක බවට ඇය තුළ වූ සැබෑ කැමැත්ත ඇය මුණගැසෙන්නට යන එන කාටත් ඇය වෙසෙන වටපිටාව දුටු සැණින්  මනාව පිළිබිඹු වුණා. මෑතක් වන තුරුම ඔඩෙල් සමාගමේ හිමිකාරීත්වය දැරූ ඇය තම සමාගමේ හිමිකාරීත්වය සොෆ්ට්ලොජික් සමාගමට පැවරුවා.

නමුත් තවමත් ඇය එහි ප්‍රධාන විධායක නිලධාරිනිය වශයෙන් තවමත් සේවය කරනවා. සන්නාමකරණය සහ අලෙවිකරණය සේම නවීන විලාසිතා පිළිබඳ මනා දැනුමක් සහිත ඇයව්‍යාපාර අරමුණුවලින් ඔබ්බට ගොසින් යහපත් සමාජයීය වෙනසක් කරන්න ඇප කැපවන බව ඇය වත්මනේදී ක්‍රියාත්මක කරන වැඩසටහන්වලින් මනාව ඔප්පු වෙනවා. ඒ වගේම ඔටාරා නිතරම පාටත් එක්ක වැඩ කරන කෙනෙක්. මේ දවස්වල නම් ඇගේ ජීවිතය පාට කරන්නේ රෝස වර්ණයෙන්ලු....

අපිට නිවෙස්වලින්
ඉවත් වෙන්න කියා
කිසිම කෙනෙක්
පෙර දැනුම් 
දීමක් කළේ නැහැ...

කොස්ලන්ද, හල්දුම්මුල්ල, ම්රියබැද්ද විශාල කඳු මුදුනක් නාය යෑමෙන් අක්කර 20කට අධික භූමි භාගයක තිබූ පේළි නිවාස 70ක් මුළුමනින්ම පසින් වැසී ගොස් පුද්ගලයන් 350කට අධික පිරිසක් අතුරුදන් වී තිබේ. ඊයේ සවස් වන විට පුද්ගලයන් දස දෙනකුගේ මළ සිරුරු සොයාගෙන තිබිණි. නාය යෑමට ලක් වූ පේළි නිවාස අතර නිලධාරි නිවාස 150ක් ද කෝවිලක් ද සම්පූර්ණයෙන්ම පස්වලින් යටවී විනාශ වී තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක සරත් ලාල් පෙරේරා මහතා පැවැසී ය. කිලෝමීටර් දෙකක පමණ වපසරියක් නාය යාමට ගොදුරු වී තිබේ. ඊයේ උදේ 7.45 සිට දහවල් 11 දක්වා එම ප්‍රදේශයේ නාය යෑම් සිදු වූ බව පොලිසිය පැවැසීය.

නාය යෑමට මැදිවූ නිවාසවල පුද්ගලයන් 317 දෙනකු පමණ පදිංචිව සිටි බවත් නාය යන අවස්ථාව වන විට ඇතැම් දෙනා වතු රැකියා සඳහාත් ළමයින් පාසල් කරාත් ගොස් සිටි නිසා අතුරුදන් වූ සංඛ්‍යාව පිළිබඳ නිශ්චිතව නිගමනය කිරීමට පොලිසිය සහ ත්‍රිවිධ හමුදා එම ප්‍රදේශයේ මෙහෙයුම් ක්‍රියාත්මක කොට ඇතැයිද බදුල්ල දිසා ලේකම් රෝහණ දිසානායක මහතා පැවැසීය.

මගේ දරුවෝ
තවමත් යන්නෙ
පාරේ බස්වල....
දුප්පත්කම
වහගෙනයි අපි
ජිවත් වෙන්නේ... 

පසුගිය සති අන්තයේ පුවත්පත් සම්මුඛ සාකච්ඡුාවකට එක් වූ ප්‍රවීණ නළුවකු මෙන්ම, අධ්‍යක්ෂකවරයකු ද වන ජැක්සන් ඇන්තනි තමන්ට එරෙහිව මේ දිනවල පැතිර යන ප‍්‍රචාරයන් සම්බන්ධව අදහස්දක්වා තිබුණා. එහිදී ජැක්සන් ඇන්තනී කියා සිටියේ තමන් රජයේ ප‍්‍රචාරය සඳහා මඩ චිත‍්‍රපටයක් කරන්න යන කතාව අමුලික බොරු බවයි. එමෙන්ම තමන් මේ තාක් කාලයක් තිස්සේ රජයෙන් මුදල් ගැසුවා යයි කියන කතාද බොරුවක්  බවයි. එමෙන්ම තම දරුවන් තිදෙනා තවමත් ගමන් පාරේ බස්වල ගමන් බිමන් යන සාමාන්‍ය අය බවත්, තමා බොහොම අමාරුවෙන් පවුල රකිමින් අගහිගකම් වසාගෙන ජීවිතය ගැට ගසා ගන්නා මිනිහෙක් බවත් ඔහු එහිදී කියා සිටියා.

"පසුගිය දිනවල එක්තරා ජාතික පුවත්පතකින් ප‍්‍රකාශයට පත්වුණ තොරතුරකට පදනම් වුන මගේ අලූත් චිත‍්‍රපටය තමා ‘හතරවැනි සිල්පදය බිඳ ගැනීම’ පසුගිය කාලේ මම කොළඹ නැති අල්ල පනල්ලේ ලොකු කටකතාවක් ගිහින් තිබෙනවා. ඒ කටකතාව අමූලික බොරුවක්. පට්ට කෙබරයක්. කිසිම සාධකයක්, සාක්ෂියක්, මූලාශ‍්‍රයක් නෑ..... මේක ගින්නක් නැතුව නැගිච්ච දුමක්. දුමක් තියනවා. හැබැයි ගින්නක් නෑ.....

Advertisement

Sponsored

Latest Post

Warthakaru News

Recent Gallery

Sponsored