Sponsored

e Gossip

Watapita Gossip

Face Book Page

බුද්ධි අංශයට 
සහය 
පළ කරීමේ 
අරමුණින් 
නිමවුණු 
කැලැන්ඩරයක්

අයර්ලන්ත නීතිඥවරියක් විසින් බුද්ධි අංශවල කටයුතු පිළිබදව තොරතුරු හෙළිදරව් කරන්නන් වෙනුවෙන් දේශපාලන නිරුවත් කැලැන්ඩරයක් සම්පාදනය කර තිබෙන පුවතක් පිළිබදව ලංකා ඊ ගොසිප් නිව්ස් වෙත දැනගන්නට ලැබුණි.

ජාත්‍යන්තර නීතිය පිළිබඳ විශේෂඥවරියක වන ආචාර්ය 'රොසලින් ෆුලර්' පවසා ඇත්තේ ජුලියන් අසාන්ජ්, බ‍්‍රැඞ්ලි මැනිං වැනි පුද්ගලයන් වෙනුවෙන් මෙය සිදුකිරීමට තමන් තීරණය කළ බවයි. තව ද ඇය සඳහන් කර ඇත්තේ අනෙක් මිනිසුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් තමන් සතු සියලූ දේ අත්හරිමින් බලය අනිසි ලෙස භාවිතය අනාවරණය කිරීම යනු අතිශය අනුරාගික කටයුත්තක් වන බවයි.


එලෙස අනුරාගික වීමේ වරදට චෙල්සි මැනිං 35 වසරක සිරදඬුවමකට ලක් කරනු ලැබීමට නියමිත අතර විකිලීක්ස් වෙබ් අඩවියේ නිර්මාතෘ ජුලියන අසාන්ජ් වසරකටත් වඩා වැඩි කාලයක් පුරාවට ඉක්වදෝරියානු තානාපති කාර්යාලයක් තුළ රැඳී සිටියි. එඞ්වඞ් ස්නොව්ඩන්හට ද සිය මවුබිමට නැවත පැමිණීමට කිසිදා නොහැකිවනු ඇතැයි පැවසෙනවා.

කැනඩාවේ උපත ලද තිස් තුන් වියැති මෙම නීති විශාරදවරිය පවසන්නේ ඔවුන්ගේ කටයුතු පිළිබඳව බහුතර ජනතා කැමැත්ත දිනාගැනීමේ අවශ්‍යතාවය තමන් අවබෝධ කරගත් බවයි.

ඒ සඳහා වන පියවරක් වශයෙන් තොරතුරු හෙළි දරව්කිරීම සහ ජනප‍්‍රිය සංස්කෘතිය ඒකාබද්ධ කිරීම සඳහා මෙම නිරුවත් කැලැන්ඩරය සම්පාදනය කළ බව ඇය පවසා තිබෙනවා. ආචාර්ය 'රොසලින් ෆුලර්' පවසන්නේ මෙමගින් තම වෘත්තිය අර්බුදයට පත් විය හැකි වුවත් එය තමන් නොසලකන බවයි. මෙම කැලැන්ඩරය අලෙවි කළ පසු ඉන් ලැබෙන ආදායම විකිලීක්ස් සහ එවැනි වෙනත් ක‍්‍රියාකාරී සංවිධාන වෙත ලබාදීමට තීරණය කර ඇති බව ඇය පවසනවා. 


ඇය පෙනී සිටි එම කැලැන්ඩරයේ ඡායාරුප පහතින් නරබන්න. 
 








Lanka e gossip News

Related Posts Plugin for WordPress, Blogger...

Advertisement

Sponsored

Latest Post

Recent Gallery

Sponsored